BLANTERORBITv101

තෙරේසා මව්තුමියගේ අඳුරු පැතිකඩේ සත්‍ය කුමක්ද?



1910 වර්ෂයේදී මැසිඩෝනියාවෙ කුඩා දැරියක් උපත ලබනවා.කුඩා කල සිට දහමට තිබූ ඇල්ම නිසා ඇය පැවිදි දිවියට එලඹෙන අතර ඇය වෘතීමය ගුරුවරියක්ද වෙනවා.නමින් ඇය ඇග්නස් නම් වුණා.නමුත් පසුකාලීන පැවිදි දිවියත් සමග ඇය තෙරේසා යන නම භාවිතයට තෝරා ගනු ලබනවා.ඉන්දියාවේ කල්කටාව බලා යන විට දකින ලද දර්ශනයක් නිසා ඇයගේ මුලු දිවියම කණපිට හරෙනවා.කිසිවෙකුත් නොදැන සිටි ඇග්නස් ලොවක් හදුනන කල්කටාවෙ තෙරේසා මව්තුමිය වීමේ මාර්ගය ආරම්භ වන්නේ එසේයි.

⭕ඇයගේ ජීවිත කතාව වෙනම අධ්‍යනය කල යුතු අතර මෙහි අරමුණ ඇයගේ චරිතය විශාල කලු පැල්ලමක් ඇති කල ග්‍රන්තයේ සහ රූප වාහිනී වාර්තාමය වැඩසටහනේ කරුනු පිලිබඳ පැහැදිලි කිරීමක් ලබා දීමයි.පලමුවෙන්ම කිව යුත්තේ කියන්නා කෙසේ කීවත් අසන්න්නා සිහි බුද්දියෙන් ඇසිය යුතු බවයි.


🔹මුලින් ඉන්දියාවේ කල්කටාවේ නිහඬ සේවයක් කල තෙරේසා යන නාමය කරළියට පැමිනෙන්නේ සුප්‍රක්‍රට කීර්තිමත් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු සහ කතුවරයෙකු වූ මැල්කම් මගරිජ් විසින්  BBC ලෝක සේවය හරහා සිදු කල "Something beautiful for God" නම් වාර්තාමය වැඩසටහන හරහායි.ඔහු විසින් ඒ නමින්ම ග්‍රන්ථයක්ද රචනා කරලා තියෙනවා.එහි යටි පෙල වන්නේ රූමත් බෝල්කන් ලඳක් පැවිදි දිවියට යොමු වූ ආකාරය සහ එතරම් දුෂ්කර සේවයක් තොරා ගැනීමේ හේතුව ලෝකයට ප්‍රකාශ කිරීමයි.මෙම වැඩසටහන මගින් බොහෝ තරුණ ප්‍රජාවක් ස්වෙච්චාවෙන් ක්‍රිස්තියානි සහන සේවකයන් බවට පත් වීමට පෙලඹුන අතර ඇයගේ සහන ව්‍යාපාරය ලොව පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා.


ලෝකයට කෙතරම් සේවයක් කලත් ලෝකය කැමති ඔහුගේ හෝ ඇයගේ අඳුරු පැතිකඩ දැකීම බව අමුතුවෙන් කිව යුතු නැත.මෙහිදී ලෝකයට අවශ්‍ය වන්නේ ඔහුට හෝ ඇයට සැබෑ අඳුරු පැතිකඩක් තිබුනේද යන්න සොයා බැලීම නොව කෙලෙසක හෝ එලෙස අඳුරු පැතිකඩක් තිබූ බව ඔප්පු කර පෙන්වීමටයි.විශේශයෙන් එලෙස අඳුරු පැතිකඩක් නොමැති වුවත් මවා හෝ පෙන්වීමටයි.සාමාන්‍ය මිනිස් ස්වාභාවය වන්නේත් ඇයගේ හෝ ඔහුගේ  මවා පෙන්වන හෝ අඳුරු පැතිකඩ පිලි ගැනීමයි.මෙයට විවිධ හේතු බලපෑ හැකියි.ඉන් ප්‍රදාන වශයෙන් ඔහු හො ඇය තම ආගමට විරුද්ධ මතදාරී වෙනත් ආගමක ජනප්‍රිය ලොව පිලිගත් අයෙක් නම් ඔබ අනිවාර්‍යයෙන් විස්වාස කරන්නේ කරුණු සොයා බලා පිලි ගන්නා සත්‍යට වඩා අඳුරු පැතිකඩ සම්බන්ද කොටසයි.එසේ සත්‍ය පැතිකඩක් තිබ්බා හෝ නොතිබ්බා ඔබට වැදගත් වන්නේ තිබ්බා කියා පිලි ගන්න එක පමනයි.එය සාමාන්‍ය පෘතජන  මානසික ස්වභාවයයි.සොබාවයෙන්ම යමෙක් ඉතා පිරිසිදු චරිතයක් ලෙස ජනප්‍රියව ඇත්නම් බොහෝ විට අපගේ මනස නිරායාසයෙන්ම ඒ ගැන සැක පහල කරනවා.එවිට එකවර කුමන හෝ අදුරු පැතිකඩක් ගැන කෙටි සඳහනකින් මනස එය පරම සත්‍ය ලෙස පිලිගනී.තෙරේසාගේ මේ කලු පැල්ලම ඇති කරන වැඩ සටහන නිම වෙන්නෙ 1990 වසරේයි.


⚠️️ඉහත මිනිස් මනසේ සිද්ධි පිලි ගැනීමේ සංසිද්දියේම ප්‍රතිපලයක් ලෙස තමා ක්‍රිස්ටෝපර් හිචන්ස්ගේ "Hell's angel" වාර්තා වැඩසටහන කෝකටත් තෛලය ලෙස භාවිත කරමින් බොහෝ දෙනා තෙරේසා මව්තුමියගේ අඳුරු පැතිකඩ පරම සත්‍ය ලෙස හුවා දක්වමින් සිදු කරන්නෙත්.


🔹දැන් මෙහෙම කියන්න මොනාද ඔබට ඇති සාක්ශි කියලා කෙනෙක්ට මගෙන් ප්‍රශ්න කරන්න පුලුවන්.එහෙම කෙනෙක්ගෙන් අහන්න තියෙන්නෙ ක්‍රිස්ටෝපර් හිචන්න්ස් හෝ ඔහු තම වැඩ සටහන නිර්මාණයට පාදක කර ගත් අරූප් චැටර්ජිගේ  ග්‍රන්තය තුල තෙරේසාගේ අඳුරු පැතිකඩ තහවුරු කරන සාධාරණ සැකයෙන් ඔප්පු කල හැකි සාක්ශි කවරේද යන්නයි.මෙහෙම කියන්න හේතු එකින් එක විමසලා බලමු.


ක්‍රිස්ටෝපර් එම වැඩසටහන තුල එල්ල කරන ප්‍රධාන චෝදනා සෑම එකකදීම අගතියට පත් වූවන් ලෙස හදුන්වාදෙන කිසිවෙකු කැමරාවට මුහුණ වත් දෙන්නෙ නෑ.එසේ කලේ තෙරේසා මව්තුමියට ඇති බිය නිසාද නැතහොත් තම සැබෑ අනන්‍යතාව හෙලි වුවහොත් චෝදනා වල පදනම ලත් තැනම ලොප් වෙන නිසාද යන්න සිතීමට හැකියාව ඇති සබුද්ධිකයන්ට බාරයි.මේ වැඩ සටහනේ කිසිදු තැනක් අගතියට පත් වූ කිසිවෙකුගේ සම්මුක සාඛච්චාවක් දැකීමට නොහැකි වීම සැක සහිත නොවේද?


අනෙක් අතට ක්‍රිස්ටෝපර් විසින් ඉහත සඳහන් කල "Something beutiful for God" නම් රූපවාහිනී වැඩසටහන කල ලෝකප්‍රකට 20 වෙනි සියවසේ කීර්තිමත් ජනමාද්‍යකරුවෙකු  වූ මගර්‍රිජ් ව හොර බොරුකාර රැවටිලි කාරයෙකු ලෙස කිසිදු සාක්ශියක් නොමැතිව ප්‍රසිද්දියේ හෙලා දැක තිබුණා.අවාසනාවන්තම කරුණ නම් මේ චෝදනා සිදු කරන විට ඔහු මෙලොවින් සමු අරගෙනත් තිබීමයි.


නැවත Hell's angel වැඩසටහන ගැන කතා කරනවා නම් එහි වැඩිම මිනිත්තු ගණනක් ඇත්තේ "Ad hominem "  බංකොලොත් fallacies භාවිතයෙන් කරන හුදු චරිත ඝාතනයක් පමනයි.තර්ක ශාස්ත්‍රය යම් තරමින් හෝ දන්නා පුද්ගලයින් මින් අදහස්  කරන්නේ කුමක්ද කියා දන්නව ඇති.


එක උදාහරණයක් පහතින් පෙන්නනම්.👇


වරක් තෙරේසා මව්තුමිය විසින් හයිටියේ දූශිත ජනාධිපතිවරයෙක් වෙච්ච ජීන් බර්ට්‍රන්ඩ් ඇරිස්ටයිඩ් විසින් හයිටියට පැමිනෙන ලෙස කර තිබූ ආරාධනය ප්‍රතික්ශේප කලා.ඊට හේතු උනේ දූශිත දේශපාලකයන් සමඟ ගනු දෙනු කිරීම තෙරේසා මව්තුමිය ප්‍රතික්ශේප කිරීමයි.නමුත් මෙයින් උපරිම ප්‍රයෝජන ගත්ත ක්‍රිස්ටොපර් කලේ ඒ සිද්දිය ඉස්මතු කරලා තෙරේසා යනු ධනවත් රටවල අරාධනා වලට එක පයින් හා කියන  දුගී රටවලට යන එක ප්‍රතික්ශේප කරන කෙනෙක් කියලා පෙන්නන්න හදපු එක.නමුත් නැවත හයිටියේම ශෝන් ජෝර්ජ් ක්ලොව්ඩි අතින් සම්මානයක් ගත්තා යැයි කියමින් නැවත ඇය දූශිත දේශපාලඥයින් ඇසුරු කල බව පවසමින් මඩක් නිර්මාණය කලා.මෙතනින්ම ඔබ තේරුම් ගත යුතු වන්නේ මේ චෝදනා එල්ල කරන්නන්ට එක් ස්ථිර ප්‍රතිපත්තියක් හෝ නොමැති බව නොවේද?ක්‍රිස්ටොපර් මෙය දැඩිව ඉස්මතු කර තෙරේසා චරිතය කලු කිරීමට විශාල උත්සාහක් ගනු ලැබිණි.ඒත් සත්‍ය ඊට හාත්පසින් වෙනස් දෙයක්.මේ වගේ straw man fallacies පවා භාවිත කරලා නරඹන්නාට තම මතය ඔප්පු කර පෙන්වීමට තමා ඔහු උත්සාහ ගත්තේ.ඔහු එහිදී පවසන්නේ තෙරේසා යනු ඇති අයගෙන් ගෙන නැති අය සනසන කෙනෙක් නොව ඇති අයගෙන් ගැනීමට සහ ඔවුන්ට කරදරයක් වීමට අකමැති වූ අයෙක් ලෙසයි.නමුත් ඔහුගේ වැඩසටහනේම පෙන්වනවා ඇය විසින් ධනවත් ප්‍රජාවට අධි පරිභෝජනයට සහ pro choice මත දරන්නන්ට දැඩිව පහර එල්ල කරනවා.විශේශයෙන් ගබ්සාව හා සම්බන්ධයෙන්.මෙකේදි තවත් දෙයක් මතක් කරන්න ඕනෙ.ක්‍රිස්ටෝපර් දැඩි මතදාරී නිරාගමිකයෙක්.සියලු ආගම් මිත්‍යාවක් ලෙස පැවසූ සහ හෙලා දුටු පුද්ගලයෙක්.ඔහුට කතෝලික සබාව සමඟ පුද්ගලික තරහාවල් පවා තිබූ බව නොරහසක්.එසේම මේ වැඩ සටහන වැඩි වශයෙන් ජනප්‍රිය වූයේ නිරාගමික ප්‍රජාව අතරත් කියලා සිහි තබා ගත යුතුයි.මොකද ඔවුන්ට තෙරේසා මව් තුමිය ගබ්සාව සහ උපත් පාලනය පිලිබඳ දැරූ දැඩි මත වාද විශාල හිසරදයක් වෙලා තිබ්බෙ.ඔවුන්ට මේක සෝමාලියාවට පාන් දැම්මා වගේ වටින අවස්ථාවක් වුණා.


ඔහු ඔය වැඩ සටහන ඇතුලෙ හීනියට නව වෙනි පියුස් පාප් තුමන්ට පහර එල්ල කරනවා.එක තැනක ඔහු ඉතාලියේ ඒකාධිපති පාලකයා වෙච්ච බෙනිටෝ මුසෝලනි සහ පාප් තුමා අතර තිබූ මිතුරුකමක් ගැන ඉඟි කරනවා.ඒකෙන් ඔහු උත්සාහ කලේ කතෝලික සබාව ප්‍රසිද්දියේ මුසෝලනි විරෝදි වුනත් ඇතුලෙන් එහෙම නෑ කියන එක පෙන්වන්න.නමුත් ඔහුගේ එම කතාව කෙතරම් පදනම් විරහිත ප්‍රලාපක්ද කියලා මම ඊලඟට කියන දෙයින් තේරෙයි.ඒ තමා නව වෙනි පියුස් පාප්තුමා ස්වර්ගස්ථ වෙන්නෙ 1878 දි.නමුත් මුසෝලනි ඉපදෙන්නෙ 1883 දි.ක්‍රිස්ටෝපර් කියන විදියට පාප් තුමා මිතුරුව ඉදලා තියෙන්නෙ එතුමා මිය යනකොට ඉපදිලත් නැති කෙනෙක් එක්ක.මේවගෙන් ඍජුවම ප්‍රකාශ වෙන්නෙ කුමක් අරමුණු කරගෙන මේ වැඩසටහන නිර්මාණය වුනාද කියන එක නොවේද?


මේ සියලු මඩ ප්‍රහාර හමුවේ වුවත් තෙරේසා මව්තුමිය ආරම්භ කල පැවිදි නිකාය වෙන "දයාවේ දූතිකාවෝ" පැවිදි නිකාය 2010 වෙනකොටත් රටවල් 137 ක අනාථ නිවාස 766 කට වඩා පවත්වගෙන යන තත්වයට ඇවිත් තිබුණා.එසේම දහස් ගණනක් පැවිදි සොහොයුරියන් සහ ස්වෙච්චා සේවකයින් දහස් ගානක් අදටත්  දුප්පත් මිනිස්සු දහස් ගානකට සෙත සලසනවා.ළමා නිවාස,ඒඩ්ස් රෝගීන් සඳහා නිවාස,වැඩිහිටියන් සඳහා නිවාස වගේ විවිද කාණ්ඩවල දූත සේවයේ ඔවුන්
යෙදෙනවා.


තෙරේසා මව් තුමිය ගැන තිබෙන එකම වාර්තාමය වැඩසටහන Hell's angel කියලා හිතාගෙන ඒකෙන්ම සියල්ල තීරණය කරන්න කලින් එතුමිය සම්බන්ද විවිධ අය විසින් සිදු කරපු සිය ගානක් වාර්තා වැඩසටහන් තියෙනවා.ඇය නොබෙල් ත්‍යාගය පවා ලබා ගන්නවා.මේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව හිතු මතේ හෝ ජනප්‍රිය භාවය සලකලා දෙන ඒවා නෙවේ.


තෙරේසා මව්තුමියට තිබෙන අනෙක් චෝදනාව තමා විශාල ධනයක් රැස් කලා සහා ඒක වෙනුවෙන් තමා සියල්ල කලේ කියන එක.මේ චෝදනාවෙම කිසිදු පදනමක් නැති බව ඇයගේ ජීවිත කතාව නිකමට හෝ කියවා ඇති කෙනෙක් දන්නවා.මොකද ඇය මිය යනකන්ම බාවිත කලේ අඩුම වියදමින් ගත් ඇදුම් සහ උපකරණ,එතරම් මුදල් තිබූ ඇයට ඇයගේ කකුල් දෙකේ දාගෙන හිටපු සෙරප්පු දෙක වත් ඇය අවුරුදු ගනනක් මාරු නොකර ගන්න බැරි උනේ අහඹුවකින්ද?ජීවත් උනේ ඉතා කුඩා විදුලි පංකාවක් හෝ නොමැති කාමරයක.ඇය මිය යන විටත් කාලයක් තිස්සේ එකම සෙරප්පුව භාවිත කිරීම නිසා කකුල හිර වෙලා ඇඟිලි පවා විකුර්ති වෙලා තිබ්බේ.ඇයට එතරම් ධනස්කන්දයක් තිබුනේ නම් ඇය එතරම් දුක්ඛිත දිවියක් ගෙව්වේ ඇයි?ඇය ගොඩ ගසා ගත් ධනය වතිකානුවට දුන්නා ඇයි උපකල්පනය කරමු.ඒත් ඒ වෙනුවෙන් ඇය ලද්දේ කුමක්ද?හරි හමන් කෑමක්,ඉන්න හිටින්න තැනක්,ඇඳුමක් කිසිත් නැතිව, මියෙන තුරුම ජරාජීර්ණ පලාතක දුඟද හමන මිනිසුන් අතර ඇය කුමක් සිදු කලේද?යමෙක් ධනය වේවා බලය වේවා කොයික රැස් කරන්නේත් සැප විදීමට නොවේද?එසේ නම් ඇය වින්ඳාවූ සැපත කුමක්ද?


අනෙක් කරුණ දුප්පතුන් ක්‍රිස්තියාණීකරණය සහ ලමා වෙළඳාමයි.මෙයින් පලමු එක ක්‍රිස්තියානි කරනය සඳහා දුප්පතුන්ට උපකාර කලා කියන එක.කලින් පැහැදිලි කිරීමම මේකටත් අදාලයි.ඇය එලෙස කිරීමෙන් ලද දේ කුමක්ද?මේ අන්‍යාගමිකයින් ක්‍රිස්තියානි කිරීමේ චෝදනාවේ මූලය සොයා ගත්තොත් ඔබට මෙහි සැබෑ සිද්දිය තේරුම් ගත හැකියි.තෙරේසා මව් තුමියගේ ජනප්‍රියත්වය සහ සේවය එකල කල්කටාවේ දෙමල පූජකවරුන්ට විශාල හිසරදයක් වුණා.ඇයට ගල් ගහලා එලවපු අවස්ථාත් ඕනෑ තරම්.ඒ වගේම කල්කටාවේ දේශපාලඥ්ඥන්ගේ චන්ද පදනම වැටී තිබෙන්නේත් මේ පූජකවරු සහ දැඩි මතධාරී දමිලයන් මත.එම නිසා දේශපාලඥ්ඥයින් ක්‍රිස්තියානිකරණ චෝදනාව ඉදිරියට ගෙන ඒමට දැඩි උත්සාහයක් ගත්තා.ඒ කලේ ජනතාවට ඇති ආදරේකට නොව චන්ද පදනම දෙදරා යාම වලක්වා ගැනීමටයි.සමහර පුද්ගලයන් ක්‍රිස්තියානිය පිලිබඳ පැහැදී එය වැලඳ ගත්තත් අවසානයේ සිදු වුනේ එය තෙරේසාගේ ගිණුමට බැර කිරීමයි.එලෙස ක්‍රිස්තියානිය වැලඳ ගත් අයට දමිල පූජකයින් සහ බහුතර ප්‍රජාවගෙන් එල්ල වුණ තර්ජන ගැනත් හොයලා වාර්තාමය වැඩ සටහනක් හැදුවා නම් ඇත්තටම වටිනවා.


▫️️තව කරුණු සිය ගණනක් වුවත් ලිවිය හැකි නමුත් ලිපිය අනවශ්‍ය පරිදි දීර්ඝ වන නිසා මෙතනින් අවසන් කරන්නම්.නමුත් දෙයක් පිලි ගන්න කලින් ඒ සම්බන්ද පක්ශ සහ විපක්ශ සියලු කරුණු සහ මත නිදහස් මනසින් විචාරාත්මකව අධ්‍යනය කරලා නිගමනයකට එලඹෙන්න.යමක් අධ්‍යනය කරකොට තමන් ඒ සම්බන්දව දරණ prejudement එක අමතක කරලා අධ්‍යනය කරන්න.ඉතිරිය ඔබට බාරයි.🙏


⭕තව එක දෙයක් කියන්න අමතක වුණා.තෙරේසා මව් තුමිය සාන්තුවරයට එසවීමේ ක්‍රියාපටිපාටියේදී වතිකානය විසින් ක්‍රිස්ටෝපර් හිචන්ස් ට සහ අරූප් චැටර්ජිට Devil's advocate කියන තනතුර දීලා ඒ ක්‍රියාවලිය සම්බන්ධ කටයුතු වල වාද විවාද සදහා සහභාගී කර ගත්තා.නමුත් අවසානයේ ඔවුන්ගේ චෝදනා සාධාරණ සැකයෙන් සාක්ශි සහිතව ඔප්පු කර ගන්න ඔවුන් අසමත් වුණා.                                 (Devil's advocate කියන්නේ යමෙක් ශුද්දවරයට එහෙමත් නැත්නම් සාන්තුවරයට එසවීමේදී ඔහුට හෝ ඇයට විරුද්දව චෝදනා සහ සාන්තුවරයට නුසුදුසු බවට වාද කරන කෙනා හදුන්වන නාමය)


✍️රයන් මීදුම්