BLANTERORBITv101

ශුද්ධ වූ ඇග්නස් මුනිතුමිය

 https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/294579950_111130438339623_4289835279345240857_n.jpg?stp=dst-jpg_p480x480&_nc_cat=102&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_ohc=9VcDf1GyBt4AX-421-w&tn=JXCUSOQH254K9fRu&_nc_ht=scontent.fcmb1-2.fna&oh=00_AT--isav-w8bxZPKCK0EaztrNxUcn5nB54IkHUSGXucSRQ&oe=62DF12D5


 ක්රිස්තු වර්ෂ 2 වන සියවසේ විසූ ප්රාණ පරිත්යාගී ශුද්ධවන්තයන් අතර තරුණ වියේදීම ප්රාණ පරිත්යාගය හිමිකරගත් ශුද්ධ වූ ඇග්නස් මුනීශ්වරියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වැලේරියානු අගරජ සමයේ විසූ ඇය කුඩා කල සිටම දෙවි මහෝත්තමයාණන් කෙරෙහි දැඩි ගැඹුරු විශ්වාසයකින් ද මාර්යාදාවයෙන් යුත් පිරිසිදු දිවියක් ද ගත කළාය.එතුමිය පිලිබඳ ඇතැම් ඉතිහාස දත්ත සැක සහිත වුවත් ඇය නිශ්චිතව ම රෝමයේ ජීවත් වූ බව ට ඉතිහාසඥයෝ කරුණු ඉදිරිපත් කරති.ඇගේ වයස අවුරුදු 16 උපන්දිනය සෑමරූ අවස්ථාවේදි තම දෙමාපියන් කැටුව දිව්ය පූජාව ට සහභාගි වී දිව්ය සත්ප්රසාද වහන්සේ ලබා රදගුරුතුමන් පාමුල දණින් වැටී තම මුළු දිවියම ජේසු සමිඳුන්ට තිළිණ කොට කන්යාවක ලෙස ජීවත්වන බවට ප්රතිඥාවක් ද භාරයක් ද වූවාය. එදිනම සවස රෝමානු ආණ්ඩුකාර වරයාගේ පුත්රයා ඇයව විවාහ කර ගැනීමේ අදහසින් ඇයට වටිනා තෑගිබෝග එවූ අතර ඒ සියල්ලක් ම ප්රතික්ෂේප කළ ඇය "ස්වර්ගීය රජාණන් වහන්සේගේ පුත්රයාණන් වන ජේසුස් ක්රිස්තුස් වහන්සේ හා මම විවාහ ගිවිසගෙන සිටිමි " යි ඇය අභීතව පැවසුවාය. මේ පිළිබඳව දැඩි ලෙස කෝපාවිෂ්ට ආණ්ඩුකාරවරයාගේ පුත්රයා ඇයව සිරභාරයට ගත් අතර රෝමානු සොල්දාදුවෝ ඉතා අවඥා සහගතව සිරගෙට ඇදගෙන ගොස් එහිදී බොරු මිත්යා දෘෂ්ටික දේවතා රූපවලට මල් හා සුවඳ දුම් පිදීමට අණකරමින් බොහෝ වධහිංසා කරමින් හිරිහැර කර සිටියෝය.
 
ඇග්නස් තරුණිය නොසෙල්වී ජේසු තුමා වෙත සිත යොමවමින් දෑත් ඔසවා යාඥාවේ යෙදුනා මිස අදමිටුවනට කීකරු වූයේ නැත. ආණ්ඩුකාරවරයාගේ තරුණ පුත්රයා පැමිණ මේ සියලු වදබන්ධන වලින් ඇයව ගලවන බවට පොරොන්දුවී නැවත නැවතත් ඔහු හා විවාහ වන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ඇග්නස් පිළිතුරු දෙමින් "මාගේ ගැළවුම්කාර ස්වාමී වූ ජේසුස් ක්රිස්තුස් වහන්සේ ට පමණක් මා අයිතිය." යි ප්රකාශ කර සිටියාය. ඇගේ වදන් ඇසූ ආණ්ඩුකාරවරයාගේ පුත්රයා ඇයව මරන්නට අණ කළේය. මේ දිරියමත් තරුණිය ඉදිරියේ සිටි සොල්දාදුවා එක කඩු පහරින් ඇය මරණයට පත් කළ අතර ඇය අන්තිමය දක්වා ජේසු සමිදුන් හට විශ්වාසවන්තව සිටියාය.
(මංගල්යය: ජනවාරි 21) 
 
ශුද්ධ වූ ඇග්නස් මුනීශ්වරිනි ,
අප නිසා යාච්ඤා කළ මැනව....! 
 
🖊 ජේසු පිහිටයි....!